මේ කියන්න යන්නේ පරිගණක වයිරස් නම් නෙමෙයි , android ඕඑස් එකට ආසාදනය වෙන වයිරස් ගැන . හැමෝම දන්නවනේ මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙන කොට ඒකට යම් යම් තර්ජන එල්ල වෙනවා කියල . එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. android වලටත් මේ වගේ වයිරස් බලපෑම් තියනවා . බලන්නකෝ ඒ මොනවද කියල....Android.Trojan.FakeDoc.A
ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් ඒකට ලොග් වෙලා අපේ පෞද්ගලික තොරතුරු සහ මේල් address වෙන server වලට අප්ලෝඩ් කරනවා . "Battery Doctor" කියන මෘදුකාංගයක් විදියට තමයි තියෙන්නේ .
Android.Exploit.RATC.A or B
අපේ android ෆෝන් එකෙන් ඔටෝ රූට් ක්‍රියා කරවාගෙන Android App install/uninstall කරනවා වගේම android ඕඑස් එක සම්පූර්ණයෙන් මකා දාන්න උනත් පුළුවන් .
Android.Trojan.SMSSEND.G
ඔබේ android phone එකෙන් නොනවත්වා ස්වයංක්‍රියව SMS යවන වයිරස් එකක් .
Android.Hacktool.faceniff.A
ස්වයංක්‍රියව wi-fi නෙට්වොක් වලට පිවිස ඒ මගින් ෆේස්බූක් ලොග් වෙලා ඉන්න කෙනාගේ Username/Password සොර ගන්න වයිරස් එකක් .
Android.Hacktool.DroidSheep.A
Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .
Android.Trojan.Facelnst.AV
ඔයාගේ android ෆෝන් එකෙන් ස්වයන්ක්‍රියව SMS යවන app එකක් .. මේකේ විශේෂත්වේ කියන්නේ මේක හැමතිස්සෙම අයිකන් එක වෙනස් කරනවා .
මේ වයිරස් වලින් බේරෙන්න නම් මොනවද කරන්න ඕනේ
* පුද්ගලික සහ රහස්‍ය දේවල් දුරකතනයේ තබා ගන්න එපා .
* app ඩවුන්ලෝඩ් කරනවානම් Google Play ස්ටෝර් එක හරි , වෙන ෂුවර් තැනකින් හරි ඩවුන්ලෝඩ් කරන්න .
* app install කරද්දී ඉල්ලන පර්මිෂන් ගැන සැලකිලිමත් වෙන්න . සමහර app අදාළ නැති පර්මිෂන් ඉල්ලනවා .( ඒ කිව්වේ ගේම් එකක් ඔබේ contact ලිස්ට් එකට ඇතුළු වීමට අවසර ඉල්ලනවා වගේ වැඩක්
* ඔබේ ෆෝන් එකේ battery ගැන අවදානයෙන් ඉන්න . වැඩක් නැති වෙලාවල් වල , (ඒ කිව්වේ රෑට වගේ ) battery බැහැල යනවා නම් එක ටිකක් සැක සහිතයි .

0 comments:
Post a Comment